මාර්තු 25

මේෂ 

ගැටළුවකින් නිදහස් වීමේ ප්‍රීතිය ලැබේ. දවස වඩා සාර්ථක කරගැනීමට කෝපසහගත සිතුවිලි පාලනය කරගන්න. ඥාතීන් සමග කටයුතු කිරීමේදී ඉවසිලිවන්තවන්න. ගුරුගේ ගෝචරයට අනුව අතිරේක ආදායම් මාර්ග සාර්ථක කර ගත හැකිය. අලුත් ව්‍යාපාර ඇරඹීම සඳහා අද දිනය සුදුසුය. ඒ ගැන අවධානය යොමුකරන්න. 

ජය අංක -04, 07 

වෘෂභ 

යම් යම් සාර්ථක ප්‍රතිඵල ලැබේ. ලාබාල සහෝදර සහෝදරියන්ගේ විශේෂ උදව් පදව් ලැබිය හැකි දවසකි. කේලම් වලින් ප්‍රවේශම්වන්න. කෙටි ගමන් බිමන් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. දියුණුවීම පිළිබඳ නව අදහස් ඇතිවේ. ගුරුගේ ගෝචරයට අනුව පිය පක්ෂයෙන් උරුමවන දේපල පෙන්නුම් කරයි. 

ජය අංක -03 

මිථුන 

කැපීපෙනෙන සිදුවීමක් සිදුවේ. කහ පැහැති ඇඳුම් ඇඳීමෙන් අසුබ ඵල අඩුකර ගත හැකිය. ඔබට අගෞරව වන ආකාරයේ සිදුවීමකට ඉඩ ඇත. රැකියා ස්ථානයේ අදාළ නැති රාජකාරි පැවරේ. ඒ ගැන අවධානය යොමුකරන්න. ගුරුගේ ගෝචරයට අනුව අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. නව සැලසුමකින් අධ්‍යාපන කටයුතු අරඹන්න. වන්දනා ගමන්, විදේශ ගමන් සාර්ථක කර ගත හැකිය. ඒ සදහා සුදුසු යමක් කරන්න. 

ජය අංක -02 

කටක 

මේ සතියේ ඔබට යෙදෙන හොඳම දවස අදය. අද දවසින් උපරිම ප්‍රයෝජන ලබාගන්න. අමුතු කෑමක් ආහාරයට ලැබේ. පිරිසිදු කිරීමේ කටයුතු වලට නිතැතින්ම යොමුවේ. ප්‍රිය සම්භාෂණ යෙදිය හැකි දවසකි. ගැටළුවකින් නිදහස් වීමේ ප්‍රීතිය ලැබේ. ගුරුගේ ගෝචරයට අනුව මියගිය ඥාතීන් සිහිපත් කර සුළු හෝ පුණ්‍ය කර්මයක් කිරීමෙන් දවස වඩාත් සාර්ථක කර ගත හැකිය. සෞඛ්‍යමය වශයෙන් සුළු සුළු අහතකර තත්ත්ව මතුවිය හැකිය. 

ජය අංක -07 

සිංහ 

මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබේ. සුළු වශයෙන් හෝ අසහනකාරී තත්ත්ව ඇතිවිය හැකිය. අනවශ්‍ය ගමන් බිමන් හා වියදම් පාලනයෙන් දවස වඩාත් සාර්ථක කරගත හැකිය. කැපීම්, කෙටීම් වලින් සුළු වශයෙන් හෝ කරදර ඇතිවිය හැකිය. විදෙස් ගත ඥාතීන්ගෙන් විශේෂ ඵල ප්‍රයෝජන ලැබේ. ගුරුගේ ගෝචරයට අනුව සාර්ථක මංගල යෝග ලැබිය හැකිය. හවුල් ව්‍යාපාර වල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරයි. 

ජය අංක -04 

කන්‍යා 

ඉතාම වාසනාවන්ත දිනයකි. ඔබගේ වැඩකටයුතු බලාපොරොත්තුවන අයුරින්ම ඉටුකරගත දිනයකි. අතිරේක ආදායම් මාර්ග සාර්ථක කරගත හැකිය. වෙළඳාම් කටයුතු වලින් විශේෂ ලාභ ප්‍රයෝජන ලැබිය හැකිය. වෙළඳාමේ නියුතුව සිටින ස්ත්‍රී පාර්ශවයට විශේෂ ප්‍රයෝජන ලැබේ. ගුරුගේ ගෝචරයට අනුව සුළු වශයෙන් හෝ රහස් සතුරු කුමන්ත්‍රණ යෙදිය හැකිය. සේවක ගැටළු විසඳාගත හැකිය. 

ජය අංක -07 

තුලා 

යම් යම් සාර්ථක තත්ත්වයන් හිමිවේ. රැකියා ස්ථානයේ මුල් පුටුවට යාම පිළිබඳ සිහින දකින දිනයකි. ඒ වෙනුවෙන් සුදුසු යමක් කිරීමට අද දවස යොදාගන්න. මව් පාර්ශවයෙන් විශේෂ උදව් ලැබිය හැකිය. මව් පාර්ශවයේ වැඩිහිටියෙකු ගැන සතුටුදායක ආරංචියක් ලැබිය හැකි දිනයකි. සමාජ තත්ත්වය වැඩිකර ගැනීමට සුදුසු යමක් සිදුකළ හැකි දිනයකි. ගුරුගේ ගෝචරයට අනුව දරුඵල ප්‍රමාද අයට ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සුදුසු දවසකි. ප්‍රේම සබඳතා වලට ඇති බාධක ඉවත්වේ. 

ජය අංක -01 

වෘෂ්චික 

විශේෂිත ගමනක් යෙදේ. දාර්ශනික සිතුවිලි ඇතිවිය හැකිය. කාලයක් තිස්සේ සොයමින් සිටි පොතක්, සඟරාවක් අද පහසුවෙන් සොයාගත හැකි වන බව පෙනේ. ආගමික ප්‍රවේශයකින් දවස වඩාත් සාර්ථක කර ගත හැකිය. උසස් අධ්‍යාපනයට අදාළ පර්යේෂණ සාර්ථක කර ගත හැකි දවසකි. ගුරුගේ ගෝචරයට අනුව දේපල, යාන වාහන, ඉඩ කඩම් ආදී කටයුතු සාර්ථක කරගත හැකිය. කුඩා දරුවන් ඇසුරට ලැබේ. ඔවුන්ට තෑගි බෝග ලබාදීමෙන් වාසනා ගුණය ඉහළ නංවා ගත හැකිය. 

ජය අංක -04, 07 

ධනු 

මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබේ. දවස සාර්ථක කර ගැනීමට නම් මෙතෙක් කරගෙන ආ කටයුතු දිගටම කරගෙන යා යුතුය. අලුතින් අරඹන කටයුතු වලට අද දවස සුදුසු නැත. අවදානම්කාරී කටයුතු වල නොයෙදෙන්න. රාත්‍රී ගමන් බිමන්, මත්පැන් භාවිතය, ජලාශ්‍රිත කටයුතු වලින් යම් යම් අහිතකර තත්ත්ව ඇතිවිය හැකිය. ඒ ගැන විශේෂයෙන් අවධානය යොමුකරන්න. සහෝදරයකු වෙනුවෙන් විශේෂ උදව්වක් කිරීමට සිදුවන දිනයකි. හැකියාවන් රැකියාවන් බවට පත්කළ හැකි දවසකි. 

ජය අංක -08 

මකර 

හවුල් ව්‍යාපාර කටයුතු වල ප්‍රගතියක් පෙන්නුම් කරයි. විනෝද ගමන් සාර්ථක කරගත හැකිය. චංචල සිතුවිලි ඇතිවේ. ඇස්වහ කටවහ වලට වෙනදාට වඩා ලක්වීමට සිදුවේ. එවැනි තත්ත්ව ඇතිනොවන ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන්න. ගුරුගේ ගෝචරයට අනුව දේශන, කථා පැවැත්වීම සාර්ථක කරගත හැකි දවසකි. තැන්පතු ධනය වැඩිකර ගත හැකිය. 

ජය අංක -07 

කුම්භ 

ඉතා වාසනාවන්ත දිනයකි. ඔබේ කටයුතු බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඉටුකර ගැනීමට භාග්‍යය ලැබෙන දවසකි. ඉතා ධෛර්යවන්ත කටයුතු කිරීමට යොමුවන දවසකි. මූල්‍යමය වශයෙන් ද සාර්ථක තත්ත්ව ලබාගත හැකිය. මව් පාර්ශවයේ ඥාතීන් සමග සබඳතා තහවුරු කරගත හැකි දවසකි. ගුරුගේ ගෝචරයට අනුව දවස වඩාත් සාර්ථක කර ගැනීමට නම් උපදේශකයකු සොයා යා යුතු වේ. උපදේශකයකුගේ උපදෙසකින් දවස වඩාත් සාර්ථක කරගත හැකිය. දාර්ශනික සිතුවිලි ඇතිවිය හැකි දිනයකි. 

ජය අංක -06 

මීන 

කැපීපෙනෙන සිදුවීමක් සිදුවේ. කහ පැහැති ඇඳුම් ඇඳීමෙන් දවස වඩාත් සාර්ථක කරගත හැකිය. මිතුරු සබඳතා පවත්වාගෙත යාමේදී තදබල ලෙස සැලකිලිමත් වන්න. ප්‍රේම සබඳතා වලට සුළු වශයෙන් හෝ බාධක ඇතිවිය හැකිය. දරුඵල ප්‍රමාදව සිටින අයට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඉතා සුදුසු දවසකි. ගුරුගේ ගෝචරයට අනුව අද දවස තුළ පුණ්‍ය කර්මයක යෙදීමෙන් ද සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය.